Skip to content Skip to sidebar Skip to footer

Networking Tutorial Sinhala Pdf Free Download

Ransomware වලින් අපි බේරෙමු..!

      ඔන්න යහලුවනේ අපි Network සිංහලෙන් අඩවියට වාර්තා කලා. අනේ Sorry වෙන්න ඕනේ ටික කාලෙකින් මේ පැත්තට එන්න කියලා හැමොටම වැදගත් post එකක් වත් දාගන්නවත් වෙලාවක් නැති උනානේ. වැඩ ඉවරයක් නෑනෙ.. ;) ගොඩක් අය Comments, Mails, Msg දාලා තිබ්බා..ඉක්මනටම Reply කරන්නම් කියන ගමන් අද වැඩෙට බහිමු..

මම කස්ටියට කියන්න යන්නේ මේ දවස් වල වසංගතයක් වගේ මුළු ලෝකෙටම හිසරදයක් වෙච්ච Ransomware ගැන :


               Ransomware කියන්නේ මොකක් ද කියලා තේරෙන සිංහලෙන් කිව්වොත්, අපේ Files තවත් පුද්ගල ක්‍රියාකාරකමක අතුරු ප්‍රතිපලයක් මගින් අපිට එය භාවිතා කිරීමට නොහැකි ආකාරයකට සකස් කිරීම. එය යතා තත්වයට පත් කරගැනීමට නම් මුදල ගෙවීමට සිදුවේ. තේරුනේ නෑ නේද.. :D (අපි හිතමුකො Word file එකක් තිබ්බා කියලා ඒකෙ තමයි ඔයා Work කරන තැන ඔක්කොම දේවල් තිබ්බේ.. ඔන්න ඔය file එක open කරගන්න බැරි වෙන්න Encrypt කරනවා. කරලා ඒක යතා තත්වයට පත් කරන්න සල්ලි ගෙවන්න කියනවා.. ) දැන් තේරුනානේ.. ;)
කාට හරි හිතෙයි පොඩි ගානක් දෙන එක ලොකු දෙයක් නෙවෙයි කියලා.. :P අද දවසට bitCoin අගය ඇහුවොත් පුදූම වෙයි. ඔන්න එහෙනම් Rs 104,217/= පොඩි ගානක් නේ.. :D ඔන්න බලන්නකෝ

එ මුදල ගෙවන්න තියෙන්නෙත්  Tor browser useකරලා තමයි. එතකොට ඉතින් කොහේ හොයන්නද? :(

සාමාන්‍යයෙන් මෙම භාවිතා  කිරීමට නොහැකි ආකාරයට සකස් වුනු පසු ,අප මෙම Filesතිබු තත්වයට ලබාගත යුත්තේ කෙසේද කියා ඔවුන් විසින් බොහෝවිට කියා තවත් fileඑකක් තබා ඇත. එහි මේ සදහා භාවිතා කරන Encryption Methodගැන කියා ඇත. තවද එහි වැඩි විස්තර කියවීමට Wikipedia linksපවා දමා ඇත.

මෙහි  Keyඑකක් Generateකර ඇති අතර එම Keyඑක මගින් එම Fileයතා තත්වයට ගැනීමටbitCoinමගින් Paymentකර ඉන්පසුව මෙම Keyඑක ඔවුන්ට ලබා දීමෙන් ඔවුන් යතා තත්වයට පත් කර දෙයි යයි. සමහරකුගේ මතයයි. කටද ඉතින් ඕවට ගෙවන්න සල්ලි තියෙන්නේ. තිබ්බත් කිසිම Sureඑකක් නෑනේ.

  මේවගේ දෙයක් උනොත් මුලින්ම Case වැටෙන්නේ ඇඩ්මින් අයියාට තමයි. කිසිම Backup Plan, Recovery Plan & Security Plan එකක් නැතුව වැඩකලා. ඉහල පුටුවල ඉන්න යට  ඕක වෙන්නේ මෙහෙමයි කියලා තේරුම් කරලා දෙන්නත් බැනේ. ඒ නිසාඇඩ්මින් අයියාලා පොඩ්ඩක් දුර දිග හිතල කටයුතු කරොත් හොදා.. ;)

ඔන්න release වෙලා තියෙන Ransomwareටිකක්..

  1. *.*AES256
  2. *.*cry
  3. *.*crypto
  4. *.*darkness
  5. *.*enc*
  6. *.*kb15
  7. *.*kraken
  8. *.*locked
  9. *.*nochance
  10. *.*oshit
  11. *.*exx
  12. *.cerber
  13. *.Lockey
  14. *@gmail_com_*
  15. *@india.com*
  16. *cpyt*
  17. *crypt*
  18. *decipher*
  19. *install_tor*.*
  20. *keemail.me*
  21. *qq_com*
  22. *.Zepto
  23. *ukr.net*
  24. *restore_fi*.*
  25. *help_restore*.*
  26. *how_to_recover*.*
  27. *.ecc
  28. *.exx
  29. *.ezz
  30. *.frtrss
  31. *.vault
  32. *want your files back.*
  33. confirmation.key
  34. enc_files.txt
  35. last_chance.txt
  36. message.txt
  37. recovery_file.txt
  38. recovery_key.txt
  39. vault.hta
  40. vault.key
  41. vault.txt
  42. *.aaa
  43. *help_your_files*.*
  44. *.zzzzz
  45. *-INSTRUCTION.html

තව ඇති මට හම්බුනෙ මෙච්චරයි... ;) (Copy කලේ Pastebin අයියාගෙන්.. ;) )

මෙන්න මේ වගේ තමයි File Encrypt කරපුවම පෙන්නන්නේ.

මෙ තියෙන්නේ  Encriptකරලා එතනම Recover කරන්න Instruction එකත් HTMLඑකක් විදියට Save කරගත්ත අවස්තාවක්..

ඔය නම් Mail & To  Email Address දෙකම එකම තමයි.. :Oඑකක් ආකාරයට අපු එකක්. මේක From

එ නිසා නඩුවක් කන්න කලින් බේරෙන විදිය කියලා දෙන්න පටන් ගන්නම් එහෙනම්.

මේ  Ransomwareබොහෝවිට එන්නේ,

      Mailඑකේ Attachment එකක් විදියට. Word, Excel, PDF, Music, Java Script files.. වැඩිපුර නම් මම අහලා තියෙන්නේ Document ආකාරයට එන්නේ කියලා. සාමාන්‍යයෙන් Ransomwareඑකක් rebuildකරන්නේ අලුත් Strong encryption keyඑකක් දාලා තමයි.

Key එක Antivirus වලටdecryptersවලට ලේසියෙන් decryptකරන්න නම් බෑ. ටික කාලයක් යනවා. සමහර Ransomwareතියෙනවා Algorythem change වේවි යන ඒවා. ඒවාවල keyඑකත් වෙනස් වෙනවා. Keyඑක change වෙන පිලිවල දන්නේ Develop කරපු dial එක තමයි.

* Mail Server - Web filters, Anti Spyware, Anti Spamming වගෙ Security filters දාගන්න.
* Everyone Full control දීපු Share Folders - නැතුව Active Directory User Group Wise Permission දෙන්න.
* Internal Firewall - Un-Trusted Networks Firewall through Connect කරන්න ( VPN..)
* Security Patches, Hotfix - නිතරම Update එකේ තියා ගන්න.
* Internal IPSec - Internal LAN එකේ Ports Identify කරගෙන IPSec Enable කරන්න.
* Software/Hardware Firewall Updates, hotfix නිතරම Update එකේ තියා ගන්න.
* Virus Guard නිතරම Update එකේ තියා ගන්න.
* Anti Ransomwareඅනිවා  Update එකේ තියා ගන්න.
* Servers නම්  Server Harden කරන්න. එකට නම් Sup එකක් ගන්න වෙනවා..

මෙවයින් බෙරෙන්න  Anti-Ransomware toolsතියෙනවා. අලුතින්ම Releaseවෙන එව්වට Updates, Patches Releaseවෙන්න කාලයක් යනවා.

ඕන්න එහෙනම්,

Kaspersky Anti-Ransomware -Click Here
Malwarebytes Anti-Ransomware -Click Here
Bitdefender Anti-Ransomware -Click Here

තව ඔන තරම් tools තියෙනවා.  Carbon Black Endpoint, HitMan Pro වගෙ..

Ransomware එකක් Network ආපුවාම මොකද කරන්න ඕන.??

* මුලින්ම Network එක Down කරන්න පුළුවන් නම් වඩා හොදයි..
* Internet Downකරන්න පුළුවන් නම් හොදයි..
* Network Share Folders Everyone Full control Permission තියෙන තැන් ටික  Share නතර      කරන්න. කලින් කිව්වා වගෙ AD Authentication දෙන්න.
* RDP - Remote Desktop එකත් නවත්ත ගත්තොත් හොදා..
* Ransomware spreadවෙන්න පටන් ගත්තේ Domain Admin Account එකක් නම් ටිකක්  දරුණුයි. පුලුවන් තරම් ඉක්මණින් එ Account එක Disable කරන්න.  Domain User Account එකක් නම් ශෙප්.
* Pen Drive වලින් නම් spread වෙන්නේ නැති තරම්. එ නිසා අවුලක් නෑ..
* Virus එක මොකක් ද කියලා හොයා ගන්න. ඊට පස්සෙ Net ඒකෙ කැරකිලා බලන්න. එතකොට  මේ Solution වලට වඩා හොද ඒවා හම්බෙයි.
* Cloud Backup ගහන්න.. Version විදියට.


සාමාන්‍යයෙන් Share path වලින් තමයි රට වටේම දුවන්නේ.. එකයි මම මුලින් කිව්වේ Network Down කලොත් හොදයි කියලා. පුළුවන් හැම Pc එකකටම Anti-Ransomware toolsදාලා තියන්න.

  Internet Down කරන්න කියන්නේ, ඕකේ Trojan එකකුත් Bind වෙලා තියෙන්නේ ඒකෙන්  තමයි Attacker => Infected Pc එකේ ඉදන් අනිත් LAN Pc Control කරන්නෙ.

ඊලගට Usersලාගෙ Data..??

System Restore තියෙනවා නම් එකට ගහන්න.
Recovery Tool එකක් දාලා  Recovery පාරක් දාන්න.

හැබැයි අලුතෙන් Release වෙන Ransomware  වල නම් සෙල්ලම් නැති වෙයි. Network එකෙ දුවන්න පුලුවන් හැම විදියකටම දුවයි..! :(

Updated

        මේ දවස් වල හැමෝම බය වෙලා තියෙන අලුත් Ransomware එක WannaCrypt  නොහොත් WannaCry එක ගැන ලොකු දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. එත් එකෙන් බේරෙන්නේ කොහොම ද කියලා කෙටියෙන් කියන්නම්..

හැබැයි මේ කියන්නම්  Windows වල :

Windows 8 වලට පස්සේ ආපු ඒවාට තමයි මුලින්ම බේරෙන්න පුළුවන් උනාලු මෙන්න මේ වැඩේ කරලා.

Windows 8 or Windows Server 2012 R2 and later

For client operating systems:

         1. Open Control Panel , click Programs , and then click Turn Windows features on or off.
         2.  In the Windows Features window, clear the SMB1.0/CIFS File Sharing Support  checkbox, and then                     click OK  to close the window.
         3. Restart the system.

For server operating systems:

         1. Open Server Manager  and then click the Manage  menu and select Remove Roles and Features .
         2. In the Features window, clear the SMB1.0/CIFS File Sharing Support check box, and then click OK  to                    close the window.
         3. Restart the system.

ඊටපස්සේ මේ වෙඩේන් ඔක්කොම ගොඩ දාගන්න පුළුවන්ලු.

Security Patches Here :

          *Microsoft Technet  Security Bulletin - Click
*Microsoft Technet Customer Guidance - Click

Microsoft Patch for Unsupported Versions such as Windows XP,Vista,Server 2003, Server 2008 etc. - Click

Block SMB ports on Enterprise Edge/perimeter network devices [UDP 137, 138 and TCP 139, 445] or Disable SMBv1 - Click

WannaCry කියන්නේ මොකක් ද කියලා දැනගන්න :


සහය දුන් Jayandra සහොදරයාට ස්තුති කරන අතර.

මේ Post එකේ වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න.ඔබ මුහුණ දුන්නේ නම් ඔබ ගත් පියවර තවත් කාටහරි උදව්වක් වෙයි. අනිවා කියන්න.

මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :)

ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)

අපි නැවත හමුවෙමු.. :)

෴ඔන්න එහෙනම් අපි කැපුනා.. ජය වේවා..!෴

Network Switch එකක් Configure කිරීම.

ඔන්න යහලුවනේ අපි Network සිංහලෙන් අඩවියට වාර්තා කලා. අනේ  Sorry වෙන්න ඕනේ ටික කාලෙකින් මේ පැත්තට එන්න කියලා හැමොටම වැදගත් post එකක් වත් දාගන්නවත් වෙලාවක් නැති උනානේ. class assignment  වැඩ වලට ටිකක් විතර හිරවෙලා හිටියේ මෙ දවස් වල.

එහෙනම් අපි අද වැඩෙට බහිමු. මෙන්න මේකයි භාණ්ඩයCisco Small Business SF300-28. ඔන්න ඔහොම තමයි අපිට box එක පිටින් හම්බෙන්නේ. මේ switch එක ගැන විස්තරයක් කිව්වොත් 10/100 Manageable Switch  24 Port. Gbic Port 02, Gigabit Port 04 & Normal port 24කින් සමන්විතයි. සමහරු Gbic Port කියන්නේ මොනාද කියලා අහයි මෙතන කොටන්න.

ඔය පහල රූපයෙන් පෙනෙන්නේ box එක ඇතුලත දර්ශණයකි.

එහෙනම් මුලින්ම Network cable එකක් අරගෙන Switch එකට Pc එකකටයි set කරගන්න. එවිට Network port වල Lights පත්තුවෙයි. (කියන්න අමතක උනානේ මොනා කරන්නත් කලින් Switch එක On කරලා ඉන්න.. ;) ) ඊට පසුව පහත ආකාරයට කරගෙන යන්න. අපි දැන් කරන්න යන්නේ Switch එකේ තියෙන IP Range එකට Pc එකට Manual IP දාගන්න.
Network Icon => R/Click=> Open Network and Sharing Center

Click - Change Adapter Settings

Local Area Connection => R/Click => Properties

Click- Internet Protocol Vertion 4 (TCP/IPv4)=> Properties or Double Click

පහත් රූපයේ ආකාරයට IP & Subnet  දෙකම fill  කරලා ok කරන්න.

දැන් නිකක් විහිලුවට වගේ Switch එකට Ping එකක් දාලා බලන්න. ඒක කරන්නේ මෙහෙමයි.
Start=>RUN=>type කරන්න CMD කියලා ok.
මෙන්න මේක type කරන්න.
Ping 192.168.1.254

දැන් Web Browser එකක් Open කරගෙන 192.168.1.254 enter කරන්න.

ඔන්න දැන් අපි Switch එකේ Web Login එකට අවා එහෙනම්.

දැන් ඉතින්
User Name : cisco
 Password : cisco

ඔන්න අපි ඇතුලේ අපි ඇතුලට ආපු ගමන්ම ඔන්න ඉතින් අහනවා Password එක මාරු කරන්න කියලා.

ඒකත් ඔන්න ඔහෙ මාරු කරලා හොදPassword  එකක් දාගෙන වැඩේ ගොඩ දාමු නේ.

Getting Started එකේ
Change Management Application and Services එකට යන්න.

ඔන්න ඔයාලට ඕන Services ටික විතරක් Tic කරන්න. Ok කරන්න.

ඔබ Settings වෙනස් කරන සෑම වෙලාවකදීම මෙන්න මේ ආකාරයට දිස්වේ. රූපයේ ආකාරයට තිබේ නම් Apply කරන්න.
Running Configuration : කෙටියෙන්ම කිව්වොත් මේ මොහොතේ ඉදන් Settings Apply වෙනවා.
Startup Configuration :  මෙම Device එක On කිරීමේදි කලින් කරනු ලැබු Settings Apply වෙනවා.

ඔන්න ඒකෙම තව Window එකක් එනවා. එකත් Ok කරන්න.

ඔන්න හරි එහෙනම්. Done කරන්න. මේ ආකාරයට වෙනස් කරන Settings ඔය විදියට Save කරන්න අහනවා. ඔන නම් ඔක්කොම Settings හදලා පසුව එකපාර සියල්ල Save කරන්නත් පුලුවන්.

Network Switch එකේ 192.168.1.254 දැනට තියෙන්නේ ඔය IP Address එක තමයි. අපි මේ IP Address එක මාරු කරගන්න විදිය තමයි කියන්න යන්නේ,
Change Device IP Address යන්න.

ඔන්න ආවා.

ඔය කොටු කරලා තියෙන්න ටික ගැන ටිකක් අවදානය යොමු කරානම් හොදා.
IP Address, Subnet & Default Gateway දාලා Apply කරන්න.

Settings නම් ඕන තරම් තියෙනවා කියලා දෙනවානම් ඒ නිසා Basic ටික විතරක් කියලා දීමට තීරනය කලා.
Network Switch එහෙම සෙට් උනොත් පොඩ්ඩක් අතපත ගාලා බලන්න. ගොඩ දාගන්න පුලුවන්.

System Summary එක වගේ තව තියෙනවා බලන්නකො එහෙනම්.

තව විස්තර Summary එකේ ඕන තරම් තියෙනවා.

තව පොඩ්ඩෙන් අමතක වෙනවා Date & Time Settings අනිවා හදන්න.

මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :)

වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)

ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)

අපි නැවත හමුවෙමු.. :)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴


Google සිංහල පරිවර්ථන සේවය අද සිට කරලියට..! :)

ඔන්න අපි හැමෝම ගොඩක් මහන්සි වුන දෙයක් Google දෙවියන් විසින් එලියට අද දිනයේ Release කරලා තියෙනවා. ඔබ සැමට මෙම දැන් පහසුවෙන් සිංහල භාෂාව ඉංග්‍රීසි භාෂාවටත්, ඉංග්‍රීසි සිංහලටත් පරිවර්ථනය කරන්නට හැකියාව ලැබී තිබෙනවා.

දැන්ම පිවිසෙන්න : https://translate.google.com/

උදා : මේ දවස්වල ඉති වැඩිය කතාවෙන්නේ China ගැනනේ. හරි අපිට China Message, Website මොකක් හරි අපිට හම්බුනා කියමුකො. දැන් ඉතින් මඔන කතා ද China ද? Google Translator සිංහලෙන්ම  පරිවර්තනය කිරීමෙ හැකියාව ඇත.  ;)

දැනට පවතින Translation වැරදි ඇත්නම් ඒවාත් නිවැරදි කිරීමේ හැකියාව එම ස්ථානයෙම ලබා දී ඇති අතර  හා මෙය 100% සම්පුර්ණ කිරීමට ඔබ සැමගේ දායකත්වය ලබා දීමට මෙම ලිපිය බලන්න. බලා සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

මේ සදහා සහය දෙක්වු සැමට Translation Team එකට Google Translation Week පැවත්වා මෙය සාර්ථක කරගැනීමට අත හිත දුන් සැමට බොහොමත්ම ස්තුති වන අතර ඉදිරියටත්  මෙවැනි දේවල් කිරීමට හැකියාව ලැබේවා..! කියා මම ප්‍රාර්ථනා කරනවා. !

මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :)


වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)

ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴

Internet එන එකේ හැමොටම වැඩක් ඇති දෙයක් කරමු ද..?

මොකො කියන්නේ, දන්න දෙයින් හැමොටම වැඩක් ඇති දෙයක් කරමු ද..?

එහෙනම් මෙන්න මේකයි සීන් එක.
Google Translate කියන්නේ මොකක් ද කිව්වොත් දැනට ලොකයේ භාවිතාවන හොදම ලිඛිත පරිවත්තනය මෙය වේ. තවද වචනය ශබ්ද කිරීමෙ හැකියාව ද ඇත.
උදා : මේ දවස්වල ඉති වැඩිය කතාවෙන්නේ China ගැනනේ. හරි අපිට China Message, Website මොකක් හරි අපිට හම්බුනා කියමුකො. ඉතින් අපිට මොන China ද අපිට පුලුවන් Google Translator එක දාලා English වෙනයම් තිබෙන ඕන භාශාවකට පරිවර්තනය කිරීමෙ හැකියාව. සිංහලත් වැඩෙ ගොඩ දැම්මොත් කිසි සමාවක් නෑ China To Sinhala තමයි. ;)

ලංකාවෙ කොල්ලො ටික දඟලලා දඟලලා Google Translate එකතු කරලා. ඒත් ඉති එකතු කලාට විතරක් මදි නේ. සුද්දො සිංහල ඉගෙනගෙන නෑනේ. අපි ඉතින් සුද්දාගෙ වචනයෙන් වචනය හො වාක‍යයෙන් වාකයය අපෙ භාශාවෙන් දෙන්න ඕන. එකට නම් ඉතින් ඔය හැමොගෙම සහයොගය ඕන වෙනවා.

හරි එහෙනම් කරන්න තියෙන්නෙ මොකක් හරි තමන්ගේ Gmail Account එකකට ලොග් වෙන්න. ඊට පස්සේ මේ ලින්ක් එකට යන්න.

http://translate.google.com/community ලින්ක් එකට යන්න.
ඔන්න ඊට පස්සේ ඔය විදියට එකක් එයි. Got It කරන්න.

දැන් My Languages කියන Button එක click කරන්න.

එහෙනම් භාෂාව විදිහට Sinhalese කියන එක තෝරලා දෙන්න ඕනේ.

මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ. කල යුතු ආකාරය පහසුවෙන් හදුනා ගත හැකි ආකාරයට දක්වා ඇත.

සිං සිංහල එක හරි නැත්තම් කෙලින්මසිං එක click කරත් හරි.

හරි ඔන්න අපිට පලවෙනියටම හම්බවුන සුද්දාගෙ භාශාව අපෙ බසට හරවනවා. සිංහල type කරන්න තියෙන්නෙ Snglish ආකාරයට.
උදා : අම්මා කියලා type කරන්න ඕන නම් මේ විදියට  => ammaa
අපට පහසු වෙන්න ඊට සමාන වචන අපිට පෙන්වනවා පහත රූප සටහනින් එය පෙන්නුම් කෙරෙ. අපිට ඔන කරන එක click කිරීමෙන් එම වචණය ස්ථිර කරගත හැක. (සිංහල ලේසියෙන් Type කරන්වා නම් ඉතින් Google Input tools තමයි.. ;))

ඔන්න අපි Type කලා එහෙනම් ඉතින් Submit කරන්න.

ඊලඟට ආපු එක අපි තේරුම දන්නේ නැත්තම් ඉතින් අනේ Plz බොරු, වැරදියට Translate කරලා නම් දාන්න එපා. පුලුවන් නම් Dictionary එකකින් බලලා හරි බැරිමනම් Skip කරලා ඊලඟ වාක්යයට යන්න. මේ කරන වැඩේ අනාගතයේ හැමොටම හුගාක් ප්‍රයොජනවත් දෙයක්..

තවත් වැඩ රාශියක් තියෙනවා Rate, Validate වගේ. ගිහිල්ලම බලන්න මොනා ද කරන්න පුලුවන් කියලා.

පටන් ගත්තාම මේ වැඩේ අමාරු නෑ, ගේම් එකක් ගහනවා වගේ හිතෙනවා. ඒ නිසා ආසාවෙන් කරගෙන යන්න පුලුවන්. T ranslation Team එකේ සංවිධානය කරපු අයට සහය දක්වන අයට බොහොමත්ම ස්තුති වන අතර ඉදිරියටත් මෙවැනි දේවල් කිරීමට හැකියාව ලැබේවා..! කියා මම ප්‍රාර්ථනා කරනවා.

මන් හිතනවා කස්ටියට හුගාක් වැදගත් වෙයි කියලා.. :)

වැරදි අඩුපාඩු තිබුනොත් අනිවා කියලා යන්න..  ;)

ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)

අපි නැවත හමුවෙමු.. :)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴

මහා පහන් කූඩු රාජයා..!

හැමදාම වගේ වැඩ රාජකාරි අස්සෙ පොඩි වෙලාවක් අරගෙන ඔබ හමුවට පැමිණියා එහෙනම්. ;)

සමහරු හිතයි වෙසක් ඉවර වෙලා පිස්සුද මේවා දාන්නේ කියලා. :P @$#$@6

වෙසක් උත්සවය නිමිත්තෙන් නිර්මාණය කරනු ලැබු මහා පහන් කූඩු රාජයා දින කිහිපයකට පෙර අන්තර්ජාලයට නිකුත් කරන ලදි. ඔහුගේ කල මහන්සිය අගය කිරීමට මම මෙය ඔබ හමුවට ගෙන ආව එහෙනම්.

3D MAX ආදාරයෙන් කල සුපිරි නිර්මාණයක්.

මෙය කල Venuka සහොදරයට බොහොම පින්.

ඔබට හැකි නම් පමණක් ප්‍රතිචාරයක් දක්වා යන්න. :)

අපි නැවත හමුවෙමු.. :)

෴ඔන්න එහෙනම් අපි කැපුනා..ඔබට ජය෴

Posted by: lynnlynnaevrettea0252113.blogspot.com

Source: https://networkshell.blogspot.com/

Post a Comment for "Networking Tutorial Sinhala Pdf Free Download"